කොටදෙණියාවේ පැටව් දෙන්නා තවමත් නෑ

දින 42කට පෙර අබිරහස් ලෙස අතුරුදන් වූ කොටදෙණියාව, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ ඥාති සොහොයුරන් දෙදෙනා සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් අටක් ඔවුන් ජීවත් වූ ප්‍රදේශ ඇතුළු ස්ථාන පීරමින් විමර්ශන අරඹා තිබේ.

දැනට ම ත් මෙම කණ්ඩායම් විවිධ ප්‍රදේශ සහ ස්ථාන 200කට අධික සංඛ්‍යාවක් සෝදිසියට ලක්කරමින් විමර්ශන කටයුතු අරඹා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පැවසීය. 

මෙයාකාර අබිරහස් සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කර ඇති මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීමේ සුවිශේෂී කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් අටක් මේ සඳහා යොදවා ඇත. 

කෙසේ නමුත් මෙම දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් මෙතෙක් ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

කවීෂ සඳකැළුම් (10) සහ අකිල දේදුනු (12) යන මෙම ඥාති සොහොයුරන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 23 වන දින අබිරහස් ලෙස අතුරුදන්ව ඇත. 

කවීෂ සඳකැළුම් අඩි 4ක් පමණ උස තලෙළු දරුවකු බවත් ඔහුගේ මුඛයේ උඩු ඇන්දේ දෙපස දත් දෙකක් වැටී ඇති බවත් පොලිසිය කියයි. 

අකිල දේදුනු අඩි 04යි අඟල් 10ක් පමණ උස තලෙළු දරුවකු බවත් ඔහුගේ මුඛයේ උඩු ඇන්දේ දත් මඳක් ඉදිරියට නෙරා ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

මෙම දරුවන් දෙදෙනාව සොයා ගැනීම සඳහා රහස් පොලිසිය මහජනතාවගේ සහාය පතන අතර සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි කළුආරච්චි මහතාගේ 0718592867 දුරකතන අංකයට ත්, සහකාර පොලිස් අධිකාරි ගමගේ මහතාගේ 0718592868 දුරකතන අංකයට ත් ඔවුන් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16