AFC Banner
Empty Ad
Empty Ad

රැඳවියා ගිල්ල රිදී මාලය

වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියෙක් ගිල දැමූ බව කියන ග්‍රෑම් 56ක් බරැති රිදී මාලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම රිදී මාලය සොයාගෙන ඇතැයි පොලිසිය කාර්ය බලකාය සඳහන් කර සිටියේ.

සැකකරුට මලපහ කිරීමට සලස්වා ඇති අතර එහිදී නිල්පාට කාබන් කොලයක සහ සුදු පැහැති පොලිතීන් ආවරණය ගොතා ඔතා තිබූ මෙම මාලය සොයා ගැනීමට සොයාගැනීමට හැකිව ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 51ක මිරිහාන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?