ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිෂමට අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.
ක්‍රිෂ් සමාගමේ අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිස්සමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශනයේ සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හඳුනාගෙන තිබෙන බවත් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බවයි.
ඒ අනුව නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙහිදී එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.













