ලිට්‍රො ගෑස් සමාගමේ නියෝජිතයන් අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මතුව ඇති තත්ත්වය පිළිබඳව එලෙස තම ස්ථාවරය ප්‍රකාශ කළේය.
මේ වනවිට වෙළෙඳපොළේ පවතින සිලින්ඩරවල ගෑස් සංයුතියේ වෙනසක් කර නොමැති බව ඔවුන් කියාසිටියි.
ලිට්‍රො ගෑස් සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු ඉන්ද්‍රසිරි විජේරත්න මහතා,
“පසුගිය අප්‍රේල් මාසයේදී ලීටර් 18 සිලින්ඩරයක් හඳුන්වා දුන්නා. ඒ අවස්ථාවේදී සංයුතියේ වෙනසක් කරමින් පාරිභෝගිකයින්ට ඒක නිකුත් කළා. නව සභාපතිතුමා රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ජූලි 28 වනදායින් පස්සේ එම ලීටර් 18 සිලින්ඩර් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. අප්‍රේල් මාසයේ ඒක වෙළෙඳපොළට නිකුත් කරනකොට 50ට 50 තමයි සංයුතිය තිබුණේ.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




