කියපු මම වල් නැහැ .. අහපු ඔබ වල් උනාට මට කරන්න දෙයක් නැහැ : තිස්ස කුට්ටිආරච්චිට දැඩි අවවාද

කාන්තා පාර්ශවයට අපහාස සිදු වන ප්‍රකාශ සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චිට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළා.

ඒ, එම මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා අයවැය කතාවේ දී සිදු කළ ප්‍රකාශයක් තුළින් කාන්තා පාර්ශවයට අපහාසයක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න ඊයේ නැගූ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

දිගින් දිගටම මෙවැනි කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ කටයුතු කිරීමට තමන්ට සිදුවන බවයි කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී අදහස් දක්වමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ තමන් කිසිම අසභ්‍ය වචනයක් නොකියූ බවයි. තමන් ගේ කථාවේදී සිදුකල අසභ්‍ය වචනය කුමක්ද කියා ඔප්පු කරන ලෙසයි මෙහිදී මන්ත්‍රීවරයා අභියෝග කර සිටියේ. කියපු මම වල් නැහැ.. අහපු ඔබ වල් උනාට මට කරන්න දෙයක් නැහැ යැයි සිය අදහස් දැක්වීම අවසන් කරමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැඩි තීන්දුවකට එළඹිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභා ගර්භය මධ්‍යයට පැමිණ කෙටි වේලාවක් විරෝධය පළ කරනු ලැබුවා.

https://youtu.be/15GGDzB3jTk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26