චීනය ශ‍්‍රී ලංකාවට සහය දැක්වූයේ ශ‍්‍රී ලංකාවේ හමුදාව බරපතළ තත්ත්වයකට මුහුණ පා තිබියදීය. ඒ කොටි ගුවන් යානාවල ආගමනය අල්ලා ගැනීම සඳහා ත්‍රිමාණ රේඩාර් පද්ධතියක් ශ‍්‍රී ලංකාවට සැපයීමෙනි.
ඉන්දියාව එම රේඩාර් පද්ධතියට විරුද්ධ විය.
මෙම පසුබිම මැද යාපනයේ පැවැති සමරුවක් ගැන වාර්තා විය. ඒ 1987 ඔක්තෝබර් 21 සහ 22 යාපනය රෝහලට කඩාවැදුණු ඉන්දීය සාම හමුදා භටයන් රෝගීන් වෛ
ද්‍යවරු හෙදියන් ගිලන් රථ රියැදුරන් ඇතුළු 61 ක් ඝාතනය කිරීමයි. මින් 21 ක් රෝහලේ කාර්ය මණ්ඩලයයි.
එම සමයේ ඉන්දීය සාම හමුදා ප‍්‍රධානියා ලෙස සේවය කළේ ජෙනරාල් දේපේන්ද්‍රසිංය. ඔහු පැවසුවේ වෙඩි හුවමාරුවකදී රෝහලේ පිරිස මියගිය බවයි. එහෙත් වසර 34 ක් ගතවී ඇතත් ඉන්දීය රජය පරීක්‍ෂණයක් පවත්වා නැත. ද්‍රවිඩ සන්ධානයද නිහඬ වී සිටී. මෙය ද්‍රවිඩ සමූල ඝාතනයකි.
කොටි ඩයස්පෝරාවද යාපනය රෝහලේ සංහාරය ගැන විරෝධය දක්වා නැත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද මේ දක්වාම යාපනයේ සංහාරයට එරෙහිව ජිනීවා යෝජාවක් ගෙනඒමට කි‍්‍රයාකළේ නැත.
එහෙත් ඉන්දීය රජයේ සාම හමුදා ප‍්‍රධානියකුවූ ජෙනරාල් අශෝක් මේහෙතා පසුගියදා මෙරටට පැමිණ පැවසුවේ ශ‍්‍රී ලංකාවේ රජයට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විර්ශනයක් කළ යුතු බවයි.
මේ අතර ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මුල්වූ බි‍්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ වසන් වූ අතීතය මේ සතියේදී හෙළිවිය.
ඉන් චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ නිර්මාණය කළ නෝ පයර් සෝන් සහ කිලින් ෆීල්ඞ් චිත‍්‍රපට දෙක සහ එහි පසුබිමේ සිටියේ බි‍්‍රතාන්‍ය රජය බව හෙළිවිය. චැනල් ෆෝ පුද්ගලික රූපවාහිනි සේවාවක් අපේ රජය ඊට සම්බන්ධ නැහැ යැයි එවකට බි‍්‍රතාන්‍ය අගමැතිවූ ඬේවිඞ් කැමරන් කියා සිටියේය.
එහෙත් බි‍්‍රතාන්‍ය රජය අද චැනල් ෆෝ රූපවාහිනිය පුද්ගලික අංශයට විකිණීම සඳහා උපදේශ ලබාගනිමින් සිටී. චැනල් ෆෝ බි‍්‍රතාන්‍ය රජය සතු ආයතනයක් බව හිටපු චැනල් ෆෝ ප‍්‍රධානි බැරන් ගේ‍්‍රඞ් සහ වත්මන් ප‍්‍රධානී ඇලෙක්ස් මැගෝනි තහවුරු කර ඇත.
එසේනම් චැනල් ෆෝ චිත‍්‍රපට නිපදවීම පසුබිමේ සිටියේ හිටපු අගමැති ඬේවිඞ් මැක්රන් බව සනාථ වේ.
එය තවදුරටත් තහවුරු වූයේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට කැලම් මැක්රේ සහ ජෝන් ස්නෝට වීසා බලපත‍්‍රදීම රජය ප‍්‍රතික්‍ෂේප කළ විට ඔවුන්ට වීසා නොදෙන්නේ නම් තමා සමුළුවට නොඑන බව මැක්රේ රජයට තර්ජනය කිරීමයි.
මැක්රේ සහ ස්නෝ මෙරටට පැමිණ යාපනයට ගොස් ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ සාක්කි එකතු කළේය.
කොළඹ බණ්ඩාරනායක සමරුහලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඬේවිඞ් කැමරන් තමාගෙන් ප‍්‍රශ්න ඇසීමට අවසර දුන්නේ ස්නෝට සහ කැලම් මැක්රේට පමණි.
කැලම් මැක්රේ ගැන බි‍්‍රතාන්‍යයේ නේස්බිසාමිවරයා පැවසුවේ කැලම් මැක්රේ කොටිඩයස්පෝරාවෙන් ගෙවීම් කරන ඒජන්තවරයෙක් බවයි.
මෙලෙස චැනල් ෆෝ රූපවාහිනිය බි‍්‍රතාන්‍ය රජයේ ආයතනයක් බව ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද පවා නොදැන සිටි බව හෙළිවිය. මේ අපේ රටේ විදේශ සේවාවේ තත්ත්වයයි.
මෙම පසුබිම මැද චැනල් ෆෝ චිත‍්‍රපට ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවටද ඉදිරිපත් විය.
කැලම් මැකරේ නිර්මාණය කළ කිලිං ෆීල්ඞ් හෙවත් ඝාතන භූමිය චිත‍්‍රපටය සඳහා වන්නියේ කොටි සමඟ කටයුතු කළ වානිකුමාර් නැමැත්තිය සහ බෙන්ජමින් ඩික්සි නැමැති නෝවිජියානු සහන සේවකයා ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව ප‍්‍රකාශකර ඇත. මෙම වානිකුමාර් බි‍්‍රතාන්‍ය කාන්තාවකි.
ශ‍්‍රී ලංකා හමුදාව ඇයව අත්අඩංගුවට ගනු ලැබුවත් කොළඹ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත මුදාහැරීමට රජයට සිදුවිය.
මේ අතර ඇමනෙස්ට් ඉන්ටනැෂනල් සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත සංදේශයක් යවමින් ශ‍්‍රී ලංකාවේ රජය මුස්ලිම්වරුන්ට බරපතළ ලෙස හිරිහැර කරන බවත් නිවාස ගින්නෙන් දැවීමේ සිට සිරුරුද දැවෙන බව පවසා ඇත. එහෙත් මේ සිදුවීම් වසර කිහිපයකට පෙර සිදුවූ සිද්ධින්වේ. එහෙත් අතීත සිදුවීම් දැන් සිදුවූ බවට පිළිඹුවන අයුරින් එම සංදේශයේ සඳහන් කර ඇත. මෙයට සමානව ඔක්තෝබර් 21 දා ඇමරිකානු ඉස්ලාමීය සබඳතා කවුන්සිලය නමැති සංවිධානය ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට සිදුවන හිරිහැර ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඇමරිකානු ජනපති බයිඩන්ගෙන් ඉල්ලා ඇත.
කයිර් නමින් හඳුන්වන මෙම ඉස්ලාමීය සංවිධානයේ අධ්‍යක්‍ෂ රොබට් මැකෝ නමැත්තා එම සංදේශය යවා තිබේ. එසේම ඔහු තම ඉල්ලීම ඇමරිකානු කොංග‍්‍රසය වෙතද ඉදිරිපත් කර ඇත. මෙවන් පසුබිමක් මැද යුරෝපයේ සිට කි‍්‍රයාත්මක වන අයි බී සී නැමැති රූපවාහිනි සේවාව මෙරට මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට රිංගා ඇත. එහෙත් ශ‍්‍රී ලංකා රජය මේ බව දන්නේ නැත. ඉතා උපක‍්‍රමශීලී ලෙස යුරෝපා අයි බී සී රූපවාහිනී සේවාව මෙරට වාර්තාකරුවන් ලෙස යොදාගෙන ඇත්තේ සිංහලයන් කණ්ඩායමකි. එහෙත් අයි බී සී රූපවාහිනිය වන්නි මෙහෙයුම සමයේ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව බරපතළ ලෙස කි‍්‍රයාකළේය.
මේ අතීතය රජයේ ප‍්‍රවෘත්ති බලධාරීන් දන්නේද? වන්නි මෙහෙයුමට පෙර යුරෝපා කොටි ජාලය ප‍්‍රංශයේ තිබූ ද්‍රවිඩ ගුවන් විදුලි සහ රූපවාහිනි සේවාවන්ද සිය පාලනයට ගනු ලැබීය. ඒ. බී සී රූපවාහිනිය කැලම් මැක්රේගේ කිලිං ෆීල්ඞ් චිත‍්‍රපටය විකාශනය කිරීමටද ක්‍රියාකරනු ලැබීය.
එසේම කොටිඩයස්පෝරාවට සම්බන්ධව රූපවාහිනි සේවාවන්ට ද ජනාධිපති කාර්යාලයටද ඇතුළුවී මාධ්‍ය සාකච්ඡාවලට සහභාගිවීමට ඉඩ ලැබී තිබේ. මෙවන් පසුබිමක් මද බටහිර රටවල් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව රජයද මුල්වරට ප‍්‍රකාශ කර ඇත.
ශ‍්‍රී ලංකාවට එරෙහිව 120,000 ක් සාක්‍ෂි ඇති බව ජීනීවා මානහ හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ පසුගියදා ප‍්‍රකාශ කළ අතර එම සාක්‍ෂිකරුවන් කවුදැයි තමන්ට දැනගැනීමට අවශ්‍ය බව ශ‍්‍රී ලංකාව ප‍්‍රකාශ කර ඇත. එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරිය එම සාක්‍ෂිකරුවන් කවුදැයි අනාවරණය කර නැත. ඇගේ එම කි‍්‍රයාදාමය ඒකපාක්‍ෂිකව සිදුවන බව ශ‍්‍රී ලංකා රජයට දැන් අවබෝධ වී ඇත.
මේ අතර කැනඩා සහයෝගිතාවය නමින් සංවිධානයක් හිටිහැටියේම කැනඩාවේ ස්කාබරෝහි මර්ක්හම් ප‍්‍රදේශයෙන් බිහිවිය. මෙම ස්කාබරෝ සහ මර්ක්හම් යනු කොටි පාරාදීසයයි. මානව හිමිකම් උල්ලංඝනය නතර කරනු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යනුවෙන් දැක්වෙන ඉල්ලීම් ඇතුළත් විරෝධතාවයක් මෙම සංවිධානය විසින් මෙහෙයවනු ලැබීය.
එහෙත් විජේ තනබාලසිංහම් නැමැති කොටි හිතවාදියකු ඔන්ටාරියෝ නගර සභාව ලවා ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුවූ බව දැක්වෙන යෝජනාවක් සම්මත කර ගනිද්දී එම කැනඩා සහයෝගිතා සංවිධානය හිටියේ කොහේද?
කොටි හිතවාදීන් දහස් ගණනක් අද කැනඩාවේ වාසය කරති. කොටින්ගේ ස්ලින් ගුවන් යානා පැදවූ නියමුවන් දෙදෙනා පුහුණුවූයේද කැනඩාවේ බව හෙළිවී තිබේ. ලෝක ද්‍රවිඩ සංවිධානය කොටින්ට අරමුදල් සපයද්දී කැනඩා සහයෝගිතාවය නම්වූ සංවිධානයක් ගැන අසන්නට ලැබුණේ නැත. එසේම මේ සංවිධානයට සම්බන්ධ සීලන් සහ නේසන් කවුරුන්දැයි කැනඩාවේ සිටින දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයෝ අප වෙත තොරතුරු හෙළිකර ඇත. එසේම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසද මෙම සංවිධානය රජයෙන් ඉල්ලා ඇත. මේ දේශපාලන සිරකරුවන් යැයි දක්වන්නේ කොටි ත‍්‍රස්තයන්ටද?
මෙවන් පසුබිමක් මැද ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ලෝක යුද අපරාධ විනිශ්චය සඳහා තානාපති නිලධාරිනියක් පත්කර ඇත. ඇය බෙත් වැන් ෂාහාක් නැමැත්තියයි. එහෙත් ඇමරිකාව සිදුකළ යුද අපරාධ ගැන සෙවීම සඳහා ඇයට බලයක් නැත.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ බෙත් වැනි නිලධාරිනියන්ට ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කළ හැකිය. මේ අතර වසර කීපයකට පෙර ගුවන් හමුදාවේ බරපතළ දුර්වලතාවය නිසා ඔක්තෝබර් 22 වැනි දිනෙක අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට කළු කොටි ප‍්‍රහාරයක් එල්ල විය.
කොටිඩයස්පෝරාව මෙම ප‍්‍රහාරයේදී මියගිය කළුකොටි 21 ක කණ්ඩායම සැමරීමට කි‍්‍රයාකර ඇතත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට සහ රජය ද එම සිද්ධිය අමතක කර තිබේ. එම ප‍්‍රහාරයේදී මියගිය ගුවන් හමුදා භටයන් සැමරීමක්ද සිදුවූයේ නැත. එල්ලාලන් නමින් හැඳින්වූ මේ ප‍්‍රහාරයට සම්බන්ධ කළුකොටි කණ්ඩායම වසර ගණනාවකට පසු කොටි ඩයස්පෝරාව විසින් හෙළිකර ඇත.
ඉලන්ගෝ – වුමන් සහ මනිවන්තන් නමින් හඳුන්වනු ලැබූ කළු කොටි නායකයන් තිදෙනා මෙම ප‍්‍රහාරය මෙහෙයවා ඇත. මින් වුමන් යනු ති‍්‍රකුණාමලයේ ගෝපාපිල්ලෙයි ප‍්‍රදීපන් වේ. ඉලන්ගෝ යාපනයේ පදිංචි ව සිටි රාසතුරෙයි පකිර්තාන් වේ. මනිවන්තන් යනු උපාසිලන් බාලසුබ‍්‍රමනියම් වේ.
රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් ප‍්‍රස්කු ප‍්‍රහාරය මෙහෙයවන ලද්දේ අයිසිස් සංවිධානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම බව හෙළිකර ඇත. සිරියාවට ගිය එම කණ්ඩායම අයිසිස් ත‍්‍රස්තයන් සමඟ එක්ව සටන්වැදි ආපසු මෙරටට පැමිණ ඇතැයි හෙතෙම අනාවරණය කර තිබේ.
එහෙත් යහපාලන රජය හෝ වත්මන් රජයද රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ සහය ලබාගෙන පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරුවන් සෙවීමට උනන්දුවක් නොගත්තේ මන්ද?
සිරියාවේ කි‍්‍රයාත්මක වූ රුසියානු බුද්ධි සේවා නිලධාරීහු අයිසිස් ත‍්‍රස්තවාදීන් සහ ශ‍්‍රී ලංකාව ඇතුළු විදේශ රටවලින් පැමිණි ඉස්ලාමීය අන්තවාදීන් ගැන මැනවින් දනී. එහෙත් මේ ප‍්‍රහාරය හමුදා බුද්ධි ප‍්‍රධානි සුරේෂ් සැලේ වෙත යොමු කිරීමට රාජ්‍ය නොවන සංවිධාන සහ මඩ වෙබ් අඩවි කටයුතු කර තිබේ.
එහෙත් රහස් පොලිසිය එම ප‍්‍රහාරයට අයිසිස් සම්බන්ධ නැතැයි යන ස්ථාවරයේ සිටි අතර සිරියානු සහ රුසියානු බුද්ධි සේවාවල සහය ලබාගත්තේ නැත. ඒ වෙනුවට පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ ජංගම දුරකථනවල මදර්බෝඞ් උපාංග ඇමරිකානු එෆ් බී අයි සහ ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිවලට භාර දුන්නේය. මේ ගැන පොලිස්පතිවරයාද පරීක්‍ෂණ අරඹා නැත.
මෙයට වගකිවයුතු හිටපු රහස් පොලිස් නිලධාරි ශානි අබේසේකර නැමැත්තා මේවනවිට විශ‍්‍රාම ගොස් තිබේ.
කාදිනල් හිමියන් මේ ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද?
රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ සහය ලබාගැනීමට රහස් පොලිසිය කි‍්‍රයාකර නැත්තේ මෙරට සිටින ප‍්‍රබල ඉස්ලාමීය අන්තවාදී දේශපාලකයන් බේරාගැනීමටද? මෑතකදී නවසීලන්තයේදී මොහමඞ් අද්දිබ් නැමැති ශ‍්‍රී ලාංකික අන්තවාදියා සිදුකළ ඝාතන ක්‍රියාදාමයෙන් පසු කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ඉස්ලාමීය අන්තවාදීව සිටින බව හෙළිවිය.
එහෙත් රහස් පොලිසිය අදවනතුරු එම අන්තවාදීන්ව අත්අඩංගුවට ගත්තේ නැත.
එහස් පොලිසිය සහ ත‍්‍රස්ත මර්දන ඒකකය භාරව කටයුතු කරන්නේ රියර් අද්මිරාල් සරත් වීරසේකරයි. එහෙත් මෙරටින් පැනගිය රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයේ කුමන ප‍්‍රාන්තයක සිටින්නේද යයි සොයාගැනීමට වත්මන් රහස් පොලිස් ප‍්‍රධානීන්ට හෝ විදේශ කටයුතු බලධාරීන්ට නොහැකිවී විය.
මේ හැර ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා ප‍්‍රැන්සිස්ට රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක වර්තාකාරි විසින් ජංගම දුරකතනයක් ලබාදුන් අතර ඊට සම්බන්ධ දර්ශා බැප්ටියන් නැමැත්තියද මෙරටින් පැනගොස් තිබේ.
ඇගේ කි‍්‍රයාදාමය ගැන සෙවීමට රහස් පොලිසියට හැකිවී නැත. මේ අතර මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනය කිරීමට බලය ඇති බවත් වරදකාරි සහ නිර්දෝෂි තොරතුරු මත සහ සාක්‍ෂි එකම පදනමකින් සැලකිල්ලට ලක්කිරීමේ සම්මත ක‍්‍රමවේදයකින් තවදුරටත් විශ්ලේෂණය කරනු සඳහා ලබාගත හැකි ඕනෑම මූලාශ‍්‍රයකින් තොරතුරු සහ සාක්‍ෂි භාරගන්නා බවද ප‍්‍රකාශ කර ඇත.
එසේම ජාත්‍යන්තර අධිකරණ බලයෙන් යුත් උසාවියක අපරාධ සහ සිවිල් ක්‍රියාපටිපාටි පවත්වාගෙන යන පාර්ශවවලට තොරතුරු ලබාදෙන අතර ශ‍්‍රී ලංකාවේ සිදුවූ මානුෂික නීති උල්ලංඝණය කිරීමේ පිළිබඳව විශාල ප‍්‍රමාණයට ලිපි ලේඛන එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන සතුව ඇති අතර එම සාක්‍ෂි ප‍්‍රමිතින්ට අනුකලට සුරක්‍ෂිතව තැන්පත් කර ඇති අතර එම සාක්‍ෂි ලබාදුන් අයගේ අනුමැතිය ලබාගන්නා බවද මානව හිමිකම් කවුන්සිලය දක්වා තිබේ.
මෙයට අමතරව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ‍්‍රී ලංකාවේ වගවීමේ කාර්යාලය ජිනීවා මානව හිමිකම් කොමසාරිස් කාර්යාල මූලස්ථානයේ ස්ථාන ගත කරන අතර අදාළ කරුණු සහ සාක්‍ෂි ලබාගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සම්බන්ධ වන බවද මානව හිමිකම් කවුන්සිලය සඳහන් කර ඇත.
මෙම පසුබිම මැද හිටපු හමුදා බුද්ධි ප‍්‍රධාන සුරේෂ් සැලේ විසින් සිරිල් ගාමිණි ප‍්‍රනාන්දු පියනමට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කරමින් තමා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට කර ඇති චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
මෙම පාස්කු ප‍්‍රහාරය සිදුවන සමයේ සැලේ සිටියේ මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේයි.
යහපාලන රජය ඔහුව බුද්ධි සේවාවෙන් ඉවත් කර තිබුණි. එසේ වුවත් ඩොලර් අරමුදල් ලබන එන්. ජී ඕ කි‍්‍රයාකාරීහු දැනටමත් සැලේ වරදකරු කර ඇත. ඊට රටින් පැනගිය තක්කඩිද සම්බන්ධ වී ටි ඉන් එක් අයෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනසා රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ කළ අයෙකි.
සුරේෂ් සැලේ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ නම් යහපාලන රජය සහ ශානි අබේසේකර එම සමයේදී ඔහුව අත්අඩංගුවට නොගත්තේ මන්ද.
උපුටා ගැනීම – දිවයින පුවත්පත