වටවල දී බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් (වීඩියෝ)

වටවල ප්‍රදේශයේ දී අද (25) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ලංගම බස් රථය පැමිණීමත් සමඟ බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේ දී පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වටවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27