වනිඳුට රාජස්ථාන් රෝයල්ස් පිළෙන් ඉහළ මිලක්

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියක් කෝටි 5.25ක මුදලකට මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කළා.

වනිඳු වෙනුවෙන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කරට කර ලංසු තබන ආකාරය දැකගත හැකි වුණා.

මේ අතර වෙන්දේසියට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉන්දීය රුපියක් කෝටි 4.40 මුදලකට මිල දී ගත්තා.