IPL ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අද – පළමු දිනයේ වැයකළ මුදල කෝටි 460 පනී

සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අදයි.

වෙන්දේසියේ පළමු දිනය අවසන් වන විට ක්‍රීඩකයින් 72ක් වෙන්දේසියේ දී අලෙවි වී තිබුණා.

එලෙස අලෙවි වූ ක්‍රීඩකයින් අතර විදෙස් ක්‍රීඩකයින් 24 දෙනෙක් වනවා.

වෙන්දේසියේ පළමු දිනය වූ ඊයේ (24) දිනයේ දී ක්‍රීඩකයින් මිල දී ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දහය ඉන්දීය රුපියල් කෝටි 467.95ක මුදලක් වැයකර තිබෙනවා.

ඉන් අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලක් ගෙවමින් ඉන්දීය ක්‍රීඩක රිෂබ් පාන්ට්ව මිල දී ගන්නට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම කටයුතු කළා.

ලක්නව් කණ්ඩායම පාන්ට්ව මිල දී ගන්නට වැයකළ මුදල ඉන්දීය රුපියල් කෝටි 27ක මුදලක්.

ඊට අමතරව ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර් සඳහා ද මෙවර වෙන්දේසියේ දී ඉහළ මිලක් හිමි වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලක් ගෙවා මිල දී ගත්තේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් මහිෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ඊයේ දිනයේ දී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබුවා.

ඔවුන් දෙදෙනාම මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කිරීම විශේෂත්වයක්.

එමෙන්ම වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළ ලංසු මුදලක් හිමි වූ විදෙස් ක්‍රීඩකයා බවට එංගලන්ත ක්‍රීඩක ජෝෂ් බට්ලර් පත් වූ අතර, ඔහුට ඉන්දීය රුපියල් කෝටි 15.75ක ලංසු මුදලක් ගෙවන්නට ගුජරාට් ටයිටන්ස් හිමිකරුවන් කටයුතු කළා.

මේ අතර වෙන්දේසියේ පළමු දිනය වූ ඊයේ දිනයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ක්‍රීඩකයින් අතුරින් අලෙවි නොවූ ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 12ක්.

එලෙස අලෙවි නොවූ ක්‍රීඩකයින් අතර ඩේවිඩ් වෝනර්, ජොනී බෙයාර්ස්ටෝව් වැනි ක්‍රීඩකයින් ද සිටීම විශේෂත්වයක්.

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් 10 විසින් ක්‍රීඩකයින් 204 දෙනෙක් මිල දී ගැනීමට නියමිතයි.

වෙන්දේසිය දෙවන දිනට අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමතයි.

වෙන්දේසියේ මෙතෙක් ඉහළම ලංසු මුදලක් හිමි වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පහතින්.

WhatsApp Image 2024 11 25 at 7.36.02 AM



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37