වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කිසිඳු ආකාරයකින් නිධානයක් ගොඩගැනීමට කැනීම් කටයුත්තක් සිදුනොකළ බව ආගමික හා පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ එය රජයේ මූලිකත්වයෙන් සිදුකළ කැනීම් කටයුත්තක් බවයි.
මෙය කිසිඳු අත්තනෝමතික මැදිහත්වීමකින් තොරව නෛතික අනුග්‍රහය සහ අවසරයක් යටතේ සිදුකළ රාජ්‍ය කටයුත්තක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
බලංගොඩ, මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයට ඊයේ (23) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අධිකරණයෙන් ලැබුණු අවසරයක් මත දින තුනක කාලයක් මධ්‍යම අධිවේගී මාර්ගය ගමන් ගන්නා වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ මහා පරිමාණ කැනීම් කටයුත්තක් සිදු කළේ රාජ්‍ය ආයතන කිහිපයකම අධීක්ෂණය සහ මැදිහත්වීම යටතේයි.
එම කැනීම් කටයුතු සිදුකළ තුන්වන දිනය වූ ඊයේ (23) දින පස්වරුවේ එය අවසන් කළ අතර එහිදී කිසිම විශේෂ දෙයක් සොයාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් මෙම කැනීම් කටයුත්ත සඳහා අවසර ලබාදුන් අත්තනගල්ල අධිකරණයට මේ පිළිබඳව එළඹෙන අඟහරුවාදා දිනයේ දී කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.














උගන්ඩාවේ ඩොලර් වගේ තමයි…මුන් දැන් නිධන් හාරලා ඒකත් නෑ කියනවා.🤣🤣
අනිවාර්යයෙන්ම
Dont be a joker senevi, Did you see the news what commissioner told yesterday
Meyala mara athal denne
But one minister said its a treasure hunt
Hon.Minister of industry told about the treasure
ට්‍රැක් ලනතෙ මල සමයං
I love sri lanka 🇱🇰