ලංකාවෙන් කැනඩා පනින්න හැදූ ඉන්දීය තරුණියක් සමඟ තුනක් අල්ලයි

ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු තවත් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තරුණිය 24 හැවිරිදි ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පදිංචිකාරිනියක්.

ඇය ඊයේ පස්වරු 03.00ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 231 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පසුව ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා වීසා බලපත්‍රය ලබාගෙන ඇයගේ ඉන්දීය ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි නිශ්කාශනය සඳහා ආගමන කවුළුව වෙත භාරදීමටයි පියවර ගෙන තිබුණේ.

එහිදී ඇයගේ ඉන්දීය ජාතික ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ සහ සොරකම් කරන ලද දත්ත ලේඛනයෙහි සදහන්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

පසුව ඇය මෙම ලියකියවිලි සමඟ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී ඔහු මෙම ඉන්දීය ගමන් බලපත්‍රය පිළිබඳ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාතික මධ්‍යම කාර්යාංශයෙන් විමසා තිබෙනවා.

එහිදී එම විදෙස් ගමන් බලපත්‍රය එවැනි ගමන් බලපත්‍රයක් බවටයි සනාථ වී ඇත්තේ.

පසුව මෙම ඉන්දීය ජාතික තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇති අතර, එහිදී මෙම තරුණිය හා සමාන රුවක් ඇති තරුණියක් ඉන්දියාවේ වාසය කරන බවත්, ඇයට කැනඩාවේ වීසා බලපත්‍රයක් ද හිමි බවත්, එහෙත් මේ වනවිට එම ගමන් බලපත්‍රය අස්ථාන ගත වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව ඇයගෙන් මේ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ආගමන විගමන නිලධාරීන් සූදානම් වනවිට ඇය ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොදන්නා බව පැවසීමත් සමඟ හින්දි භාෂාව හැසිරවිය හැකි ආගමන විගමන නිලධාරීවරයෙකු කැදවා ඉදිරි ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී තමා සමඟ පියා සහ තවත් පුද්ගලයෙකු ද පැමිණි බව පැවසූ අතර, ඔවුන් ඒ වනවිටත් ගුවන් තොටුපොළෙන් පළා යමින් සිටි බවයි හෙළිව ඇත්තේ.

ඔවුන් පසුපස ලුහුබැඳ ගිය ආගමන විගමන නිලධාරීන්ට ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පසුව ඇයගේ පියාගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී මෙම තරුණියගේ සත්‍ය ගමන් බලපත්‍රය එහි තිබී සොයා ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා මේ ආකාරයට කූඨ ලේඛන සකස් කර ඉන්දීය ජාතිකයන් කැනඩාව වෙත රැගෙන යන තැරැව්කරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව මොවුන් තිදෙනාම ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයෙන්ම ඉන්දියාව වෙත පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27