සයිනොෆාම් එන්නත ගැන අලුත්ම අනාවරණය

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගේ ශරීරවල කොවිඩ් වයිරසයට එරෙහිව ක්‍රියාත්මක වන ‘ටී සෛල ප්‍රතිචාරය’ (T-Cell responses) අඛණ්ඩව පවතින බව අනාවරණය වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා එක්කයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්‌යේෂකයන් කණ්ඩායමක් කළ නවතම අධ්‍යයනයක දී මේ බව අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයන වාර්තාව medrxiv.org වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.

සයිනොෆාම් එන්නත මගින් ශරීරයේ ප්‍රතිදේහ නිර්මාණය කරන ආකාරය සහ එහි ටී සෛල ප්‍රතිචාරය සම්බන්ධයෙන් සිදු කළ මෙම අධ්‍යනයේ දී තවදුරටත් අනාවරණය වී ඇත්තේ සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී සති 12කට පසුවද කොවිඩ් වයිසරය ආගන්තුක සතුරු ප්‍රතිදේහයක් ලෙස සලකමින් ටී සෛල ප්‍රතිචාරය ඊට එරෙහිව තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් කල් ගත වීමේ දී සයිනොෆාම් එන්නත ලබාගත් සියලු වයස් කාණ්ඩවල පුද්ගලයින්ගේ ශරීරවල පවතින ප්‍රතිශක්තිය ක්‍රමයෙන් දුර්වල වන බව එමගින් පෙන්වා දී ඇත. විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන් අතර මෙලෙස ප්‍රතිශක්තිය පහත වැටීම වැඩිපුර දැකගත හැකිවන බවද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පර්‌යේෂණ සිදු කළ යුතු බවද එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වේ.

  1. එ උනාට චීන බය ‘ චයිනා ෆෝබියා ) තියෙන උන්ට ඔවා කොපමන කිව්වත් නොතෙරෙන එකනෙ පුදුමෙ .

  2. කල් ගත වීමේ දී සයිනොෆාම් එන්නත ලබාගත් සියලු වයස් කාණ්ඩවල පුද්ගලයින්ගේ ශරීරවල පවතින ප්‍රතිශක්තිය ක්‍රමයෙන් දුර්වල වන බව එමගින් පෙන්වා දී ඇත. විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන් අතර මෙලෙස ප්‍රතිශක්තිය පහත වැටීම වැඩිපුර දැකගත හැකිවන බව!

    අයියෝ සල්ලි 😁😁

  3. Not only chinese vaccines but also any type of covid vaccines are capable of fighting against covid virus only for a specific period such as 6 months.

    The body is addicted to external vaccines. Always need vaccines to fight against virus.🍞