විවාහ වියයුතු වයස අඩු කරන ලෙස ඉල්ලීමක්

මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළ ව කාති ක්‍රමය සහ බහු විවාහය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් ව ඇති යෝජනාවලට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය විරෝධතාව පළ කර තිබෙනවා.

ඒ, යෝජිත සංශෝධන සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී යි.

විවාහ වන වයස 18 විය යුතු වීම, විවාහ ලියාපදිංචිය අනිවාර්ය කිරීම සහ ඊට කාන්තාවගේ ද අත්සන ලබා ගැනීම, කාති ක්‍රමය අහෝසි කිරීම, බහු විවාහය අහෝසි කිරීම සහ කාතිවරුන් ලෙස කාන්තාවන්ට ද පත්වීමට අවස්ථාව සැලසීම යන යෝජනා මේ වෙනවිට මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළ ව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් ව තිබෙනවා.

මෙම යෝජිත කරුණු සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය සමග පැවති සාකච්ඡාවේ දී දීර්ඝ වශයෙන් අවදානය යොමු කෙරුණු බවයි එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

විවාහ විය යුතු වයස අවුරුදු 18 ලෙස වෙන යෝජනාවට විවාහ අපේක්ෂිත තරුණියගේ කැමැත්ත සහ අධිකරණයේ අවසරය මත වයස අවුරුදු 16ත්, 18ත් අතර ලෙස එය සංශෝධනය කරන ලෙස ජමෙයිතුල් උලමා සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම විවාහ ලියාපදිංචියේ දී තරුණියට අත්සන් කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් එකගතාව පළ කර ඇතත් ඇයගේ භාරකරුගේ අත්සන අනිවාර්ය කිරීමට ද යෝජනා ඉදිරිපත් ව ඇති බව සදහන්.

කෙසේ වෙතත් කාති ක්‍රමය අහෝසි කිරීමට සහ බහු විවාහය අහෝසි කිරීමට එරෙහි ව අදාළ සාකච්ඡාවේ දී ජමෙයිතුල් උලමා සංවිධානය සිය විරෝධය පළ කර තිබෙනවා.

එමෙන්ම කාතිවරුන් පත් කිරීමේ දී කාන්තාවට ද ඊට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේ දී නිශ්චිත එකඟතාවක් පළ කර නැහැ.

මේ අතර මුස්ලිම් විවාහ දික්කසාද නීතිය තුළ සංශෝධනය විය යුතු කරුණු සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලයේ සම නිර්මාතෘ ශ්‍රීන් අබ්දුල් සරූර් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

ඇය කියා සිටියේ බහුවිවාහය අහෝසි කිරීම නොව දැඩි කොන්දේසි සහිත ව එය පවත්වාගෙන යාමට මුස්ලිම් කාන්තා සංවිධාන අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම කාතිවරුන් පත් කිරීමේ දී කාන්තාවන්ට ද ඊට අවස්ථාව සළසා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සංශෝධන සිදු කිරීමට පෙර ඒ පිළිබඳව මුස්ලිම් කාන්තාවන් නිසි පරිදි දැනුවත් කිරීමෙන් නව සංශෝධන පිළිබඳ ව අනවබෝධයක් ඇති වීම වළක්වා ගත හැකි බවයි මුස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලයේ සම නිර්මාතෘ ශ්‍රීන් අබ්දුල් සරූර් පෙන්වා දෙන්නේ.

මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර, 1969 වසරේ සිට බි්‍රතාන්‍ය තුළ පවා එම නීතිය භාවිත කිරීමක් සිදුවෙන්නේ නැහැ.

ඉංග්‍රීසි විවාහ නීතිය වසර සිය ගණනක් පුරා මෙරට තුළ ක්‍රියාත්මක අතර, ඒ හේතුවෙන් ජනතාවට විවිධ අපහසුතාවන්ට පත් වීමට සිදු වෙන අවස්ථා වාර්තා වෙනවා.

යෝජිත සංශෝධන යටතේ වෛවාහක නීතියට අදාළ වූ කරුණු සහ දික්කසාද ලබා ගැනීම සදහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනස් කිරීමට නියමිත යි. ඒ අනුවයි මෙරට මුස්ලිම් විවාහ නීතිය ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51