AFC Banner
Empty Ad
Empty Ad

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන්නන්ට නව උපදෙස්

විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි අද (19) සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

.
ඒ අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයෙකුම ගුවන් තොටුපොළේදී PCR පරීක්ෂණයකට ලක්විය යුතුයි.

අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතු වන බවයි එම සංශෝධනයේ දැක්වෙන්නේ .

PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවී පූර්ණ එන්නත්කරණය ලක්වී නොමැති නම් දින 14ක් නිරෝධායනය වීම අනිවාර්යයි.

එහිදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන්නේ නම් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව නව උපදෙස් මාලාවේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?