අපේ රටේ කොවිඩ් මරණ 30,000ත් පන්නයිද? ඉදිරියේදී සිද්ධ වෙන්න යන දේ ගැන, ඇඟ හිරිවැටෙන විශේෂඥ වෛද්‍ය වාර්තාව එළියට

පවතින සංචරණ සීමා තත්ත්වයන් යටතේ රට ඉදිරියට ගියහොත් ලබන වසරේ ජනවාරි වන විට මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 30,000ක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සති 4ක කාලයක් සඳහා දැඩි සංචරණ සීමා පනවමින් මේ තත්ත්වය යම් තරමකට හෝ පාලනය කිරීමට පියවර ගතහොත් මරණ සංඛ්‍යාව 12,000කින් පමණ අඩු කර ගත හැකි බවයි.
පවතින සංචරණ සීමා යටතේ සැප්තැම්බර් මැද භාගය වනවිට මෙරටින් දිනකට ආසාදිතයන් 6000ක් පමණ වාර්තා විය හැකි බවත් ඔක්තෝබර් මුල වන විට දෛනික මරණ සංඛ්‍යාව 220 දක්වා ඉහළ යා හැකි බවත් මෙම පුරෝකතනයන් පෙන්වා දෙනවා.

මෙම විශේෂඥ කණ්ඩායම ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව ඉදිරිපත් කරන වාර්තාවේ සදහන් වන්නේ ඔක්තෝබර් මුල් භාගය වනවිට දිනකට ආසාදිතයන් 275ක් පමණ දැඩි සත්කාර ඒකක වෙත යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බවයි.

කෙසේ වෙතත් මැයි – ජූනි මාසවලදී රට තුල ක්‍රියාත්මක කෙරුණු දැඩි සංචරණ සීමා නැවත ආදේශ කරමින් රෝග ව්‍යාප්ති පාලනයකට පියවර ගතහොත් මෙම තත්ත්වය දිනකට රෝගීන් 1000ක් දක්වා අඩු කර ගත හැකි බවට ඔවුන් විශ්වාසය පල කරනවා.

මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ එසේ වුවහොත් දිනක මරණ සහ දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර අවශ්‍යවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25ක් පමණ දක්වා පහල වැටෙනු ඇති බවයි.

එම තත්ත්වයන් යටතේ වුවද ලබන වසරේ ජනවාරි වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිත මරණ 18000ක් වාර්තා විය හැකි බව මෙම විශේෂඥ කණ්ඩායම අනතුරු අඟවනවා.

ජීවිත රැක ගැනීම ප්‍රමුඛත්වයේ ලා සලකමින් වහාම ක්‍රියාත්මක විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට බලධාරීන්ට නිර්දේශ කරනවා.

ඒ යටතේ ඔවුන් මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ප්‍රමුඛතම නිර්දේශය වන්නේ තදබල සංචරණ සීමා පැන්වීමයි.

පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැන්විය යුතු බවට මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම කෙටි කාලයක් සඳහා හෝ ඇඳිරිනීතිය පැනවීමත්, සියලුම මහජන ඒකරාශී වීම් සහමුලින්ම නවතා දැමීමත්, අවම තරමෙන් රට සති තුන කට හෝ වසා දැමීමත්, සෞඛ්‍ය අමාත්‍යංශයට භාර කෙරුණු විශේෂඥ වාර්තා වේ ඇති නිර්දේශ අතර ප්‍රමුඛයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමත්, මහජනතාව වඩාත් විධිමත් ක්‍රමවේදයන් හරහා දැනුවත් කිරීමත් සිදු කළ යුතු බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම විශේෂඥයින් අවධාරණය කරන්නේ කොවිඩ් 19 වෛරසයට ගොදුරුව මිය යන පුද්ගලයින් පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන සමාජයට ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ හරහා මෙම රෝගයේ ඇති බරපතළකම පිළිබඳ සමාජයට හොඳින් ප්‍රේරණය කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයට මෙම ඊයේ භාර දුන් මෙම විශේෂඥ වාර්තාව සැකසීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව විශේෂඥ වෛද්‍යවරුන් වන පාලිත අභයකෝන්, නිහාල් අබේසිංහ, රජීව් ද සිල්වා, ලක්මාලී ප්‍රනාන්දු, පද්මා ගුණරත්න සහ ආනන්ද විජේවික්‍රම දායක වී තිබෙනවා.

මීට අමතරව මහාචාර්යවරුන් වන අසිත ද සිල්වා, රජීව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනී මෙන්ඩිස්, මලික් පීරිස් සහ මංජු විජේසිංහ යන සෞඛ්‍ය විශේෂඥයින් ද මෙම වාර්තාව සැකසූ කණ්ඩායමට අයත්.

  1. Rata
    Ikmaninma vasa dama minissunva merenna nodi bera ganna kiyala ma janadipathithumagen illa sitinava.me velave janathavage kamabimata vada vasngathayen merena eka ikmaninma valakva gannai ona.sancharana sima minissu pilipadin ne demmata.rata vasa damana ekai sudusuma de



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41