කිවියන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 50ක් පසුපසින්

ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ (18) ඇරඹුණු පළමු ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම සිය ප්‍රතිවාදීන්ට වඩා පළමු ඉනිමෙන් ලකුණු 50ක් පසුපසින් රැඳී සිටිනවා.

ඊයේ දිනයේ දී තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 305ක් රැස් කළා.

ඊට පිළිතුරු ඉනිම සිය පළමු ඉනිමට පිතිකරණය අද දිනයේ දී ඇරඹූ නවසීලන්තය අද දිනට තරගය අවසන් කළේ කඩුලු 04ක් දැවී ලකුණු 255ක් ලබා ගනිමින්.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ටොම් ලැතම් ලකුණු 70ක් ලබා ගත්තා.

කේන් විලියම්සන් ලකුණු 55 යි.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඩැරිල් මිචෙල් සහ ටොම් බන්ඩල් නොදැවී පිටියෙහි රැඳී සිටිනවා.

ඒ පිළිවෙළින් ලකුණු 41* ක් ( මිචෙල්) සහ ලකුණු 18* (බන්ඩල්) ක් ලබා ගනිමින්.

නවසීලන්තයේ කඩුලු 04 බිඳ දැමීමේ ශ්‍රී ලංකා ගෞරවයෙන් වැඩි කොටසක් අද දිනයේ දී නායක ධනංජය ද සිල්වා හට හිමි වන්නේ කඩුලු 02ක් ඔහු නමින් සටහන් කරමින් වන අතර රමේෂ් මෙන්ඩිස්ට හා ප්‍රභාත් ජයසූරියට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

හෙට (20) තරගයේ තෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03