මාලිමාවට කතිරේ ගහන්න බෑ කිව්වාට හෙල්මටයෙන් ගහලා

මාලිමාවට ඡන්දය භාවිත කිරීමට තමන්ට නොහැකි බවට පැවසූ පුද්ගලයෙකුට තවත් අයෙකු විසින් හෙල්මටයෙන් පහර දී තුවාල සිදු කිරීමේ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කොස්ගොඩ ප්‍රදේශයෙන්.

කොස්ගොඩ පොලිසිය පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය -මහ ඉඳුරුව, කයිකාවල රට බීමහලක් ඉදිරිපිට දී මෙම පහර දීම පසුගියදා රාත්‍රී 09ට පමණ සිදු ව ඇති බවටයි.

එම අවස්ථාවේ දී පහර දුන් පුද්ගලයා සහ පහරකෑමට ලක් වූ තැනැත්තා අතර දේශපාලන කතාබහක් හටගෙන ඇති බවත්; පහර දුන් පුද්ගලයා පවසා ඇත්තේ නියත වශයෙන් ම මාලිමාවට ඡන්දය ලබාදීම අනෙකා විසින් සිදු කළ යුතු බවටයි.

තමන්ට කැමති අයෙකුට ඡන්දය ලබාදෙන බවටයි පහරකෑමට ලක් වූ පුද්ගලයා පවසා ඇත්තේ.

එහිදී සැකකරු විසින් මෙම පුද්ගලයාට අතේ තිබූ හෙල්මටයෙන් පහර දී තිබෙනවා.

පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ ඇසට හානි සිදු ව ඇති බවත් ඔහු මේ වනවිට (13) බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක් ව ඇත්තේ කයිකාවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කුමාර සංජීව ජයසූරිය නමැති අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය රෝහල් පොලිසිය හරහා බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14