දකුණු පළාතටම විශේෂ දැනුම් දීමක්!

උද්ගතව ඇති කොරෝනා වසංගත අර්බුදය හේතුවෙන් දකුණු පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ඒ අනුව මෙම මාසයේ 16 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා දකුණු පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව දකුණු පළාත් කාර්යාලය සහ සියලුම ප්‍රදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කරනු ලබන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මෙලෙස තාවකාලිකව අත්හිටවනු ඇති.

මෙලෙස තාවකාලිකව අත්හිටුවීමක් කර තිබුණත්, එම කාල සීමාව සඳහා කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය කරගැනීමක් සිදුනොකර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

මෙලෙස තාවකාලික අත්හිටුවීමක් ක්‍රියාත්මක වුණත් රටේ පවතින තත්ත්වය අනුව බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ඉක්මණ් නොවන ලෙසද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඉල්ලීමක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55