නිලධාරීන් දසදහසකගෙන් සමන්විතව දිවයින පුරා කෙරෙන විශේෂ මෙහෙයුම

දීර්ඝ සති අන්තය නිමිත්තෙන් පළාත් මායිම් අතර සිදු කෙරෙන විශේෂ පොලිස් මෙහෙයුම් සඳහා එක් සේවා මුරයකට පොලිස් නිලධාරීන් දසදහසක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා

මෙ විශේෂ මෙහෙයුමේදී සංචරණ නීතීන් උල්ලංඝනය කරනවාද, නීති විරෝධී දෑ ප්‍රවාහනය කරනවාද යන්න විශේෂයෙන් සොයා බැලෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ

මීට අදාළ මෙහෙයුම් පසුගියදා(20දා) සිට දීර්ඝ නිවාඩුව අවසන් වන තෙක් ක්‍රියාත්මක කොට ඇති තිබෙනවා

පළාත් මායිම් අසල ස්ථාපිත පොලිස් මාර්ග බාධක රාජකාරි සඳහා එක් සේවා මුරයකට මෙලෙස පොලිසියේ දසදහසක් යොදවා තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ

බස්නාහිර ඇතුළු සෙසු පළාත් මායිම් හරහා ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් කැඳවා ඇති අයට මෙන්ම ළඟම ඥාතියකුගේ මරණයකට සහභාගි වන අයට පමණයි

එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමන් කරන අය ඇතුළු වෙනත් මානුෂීය කාරණා ඇති අයට පමණක්ද ගමන් කළ හැකියි

එලෙස පළාත් මායිම් අතර ගමන් කරන පුද්ගලයන් සැබෑ අදාළ කටයුත්ත සහතික කිරීම සඳහා ලිඛිත හෝ විද්‍යුත් සාක්‍ෂියක් අවශ්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නිසි ලෙස නොදමන අය අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 30ක් යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?