ජනාධිපති අරමුදලෙන් හෙට සරසවි සිසුන් 316කට ඇස් කණ්ණාඩි

ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම හෙට (17) සිදු කෙරෙනවා.

ඇස් කණ්ණාඩි අවශ්‍ය සියලු විශ්වවිද්‍යාල සිසුන්ට ඒවා ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්‍යාලය තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව, එම විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණ කටයුතු පසුගිය සැප්තැම්බර් 19 වෙනිදා සිදු කෙරුණා.

වැඩසටහනේ දෙවෙනි අදියර ඔක්තෝබර් 10 වෙනිදා රුහුණු විශ්වවිද්‍යාලයේදී පැවැත්විණා.

බ්‍රිතාන්‍යයේ Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ අක්ෂි පරීක්ෂණවලට ලක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316 දෙනෙකුට අවශ්‍ය ඇස් කණ්ණාඩි හෙට එම විශ්වවිද්‍යාලයේදී ප්‍රදානය කිරීමට නියමිතයි.