හදිසි අවශ්යතා සඳහා ලේඛන සහතික කරවා ගැනීමට අවශ්ය පුද්ගලයන් වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය විසින් විශේෂ සෙනසුරාදා සේවාවක් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, එම සේවාව හෙට (17), ලබන ඔක්තෝබර් 24 සෙනසුරාදා, ලබන 31 සෙනසුරාදා යන දිනයන්වලදී බත්තරමුල්ල, කොන්සියුලර් කටයුතු අංශයේ ප්රධාන කාර්යාලයේදී මෙය ක්රියාත්මක වනවා.
පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා මෙම සේවාව ක්රියාත්මක බව සඳහන්.
කෙසේ වෙතත් මේ සඳහා පූර්ව වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වන අතර e-Channeling පද්ධතිය හරහා මෙම https://www.echannelling.com/ministry-of-foreign…/H533 සබැඳිය ඔස්සේ වේලාව වෙන් කරවා ගැනීමේ හැකියාව පවතිනවා.
