හෙට පළාත් කිහිපයක උණුසුම ඉහළට

උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (17) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා