කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබා සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තහනම් ඉවත් කරන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයට මෝසමක් ගොනුකරනු ලැබුවා.
සිංගප්පූරුවේ හෘදය රෝග සැත්කමකින් පසු සිදුකිරීමට ඇති පශ්චාත් ප්රතිකාර කටයුතු සදහා යෑමට එම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් මෙම මෝසම ගොනුකර තිබෙනවා.
මීට මාස හතරකට පමණ කොටුව මහේස්ත්රාත් අධිකරණය ඔහුට විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇත්තේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වාගැනිමට අසමත් වීම පිළිබද නඩුවට අදාළවයි.
