ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ කොටුව රේගු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට ප්රදේශයේ ඊයේ (15) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කළ විදේශීය ඉලෙක්ට්රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, මිරිහාන දිසා අපරාධ විමර්ශන ඒකකය හා එක්ව සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්කර තිබූ අතර, එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල ඉලෙක්ට්රොනික දුම්වැටි තිහක් සමඟ එම සැකකරු මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරුණා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන යටියන්තොට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
එම සැකකරු සහ ඉලෙක්ට්රොනික දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැලිකඩ පොලිසිය වෙත භාර දීමට නියමිතයි.
