ප්‍රතිකාර ලබන කාවන්තිස්ස ගැන වනජිවී දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මේ වනවිට රෝගාතුර වී ප්‍රතිකාර කටයුතු කරනු ලබන කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යක්ෂ ජෙනරාල් එම්.එස්.එල්.ආර්.සී. මාරසිංහ විසින් නිකුත් කර ඇති අදාළ නිවේදනය මඟින් දක්වා ඇත්තේ, මේ වන විට සියලුම වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙහි මහාචාර්යවරුන්ද, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ ද ඇතුළු පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ද සම්බන්ධ කර ගනිමින් ඇතාට අවශ්‍ය සියලුම ප්‍රතිකාර අඛණ්ඩව ඔවුන්ගේ අධික්ෂණයට යටත්ව ලබා දෙමින් පවතින බවයි.

අද (16) දින උදෑසන කාලයේ දී ඇතාගේ රුධිර සාම්පල නැවත ලබා ගෙන රසායනාගාර පරීක්ෂාවට යොමු කරන ලද අතර, ඒ අනුව වෛද්‍ය මණ්ඩලය විසින් සුදුසු ප්‍රතිකාර සිදු කරමින් පවතින් බව එම නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇතා සුව කිරීමට අවශ්‍ය කරනු ලබන සියලුම ක්‍රියාමාර්ග සඳහා මේ වන විට අවතීර්ණ වී ඇති බැවින්, රෝගී වූ ඇතා තුළ ඇති විය හැකි මානසික ආතතිය වැළැක්වීම සඳහා ඇතු නැරඹීමට යාම, ඇතා ඡායාරූප ගත කිරීමට උත්සාහ කිරීම, ඩ්‍රෝන කැමරා යොදා ගනමින් වීඩියෝ කිරීම වැනි ක්‍රියාවන්ගෙන් වළකින ලෙසත්, පශු වෛද්‍ය කණ්ඩායම් ඇතුළු විශේෂඥ විද්වත් කණ්ඩායම් වලට ස්වකීය කටයුතු ඉටු කිරීමට බාධාවන් සිදු කිරීමෙන් වළකින ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවගෙන් මෙමඟින් ඉල්ලා සිටිනවා.

2
3