කබානා ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් දෙකෝටි හැටලක්ෂයක මුදලක් වංචා කර විශ්වාසය කඩ කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) අත්අඩංගුවට ගත් කෑගල්ල මහනගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ නියෝග කර තිබෙනවා.
අද (01) එම නඩුව කඳවු අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කසුන් මධුසංඛ බණ්ඩාර නමැති කෑගල්ල මහනගර සභාවේ ඔළගම කොට්ඨාසය නියෝජනය කරන අයෙක්.
මෙම සැකකරු අද (01) උදෑසන 10:25ට පමණ කෑගල්ල – යට්ටෝගොඩ ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පස්වරුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.













