දොඩන්ගොඩ, හල්කදවිල්, ඇලදූව ප්‍රදේශයේ රබර් වත්තක තිබී ගිනි තබා විනාශ කළ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ 11.35ට පමණ දොඩන්ගොඩ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
යතුරුපැදිය ගිනි තැබීමට පෙට්‍රල් රැගෙන ආ බෝතලය සහ ගිනිපෙට්ටියක් ද ඒ අසළ තිබී සොයාගෙන තිබෙනවා.
මෙලෙස ගිනි තබා ඇත්තේ ඊයේ (31) රාත්‍රියේ පයාගල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුන් පැමිණි යතුරුපැදිය බවට පොලිසිය සැකපළ කරනවා.
පයාගල පොලිස් වසමේ කොස්හේන ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්වන “පානදුර නිලංග” නැමැත්තාගේ මස්සිනාවන ‘ඩිලා’ නැමැත්තා ඝාතනයට ලක්වුණා.













