පාකිස්ථානයේ සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරාය වෙත රැගෙනවිත් බහාලුමක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ, අනුව මෙම සිද්ධියට ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැවත ප්‍රති අපනයනය කිරීම සඳහා වරාය අංගනයේ බහාලුමක් තුළ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත එම බහාලුම පරීක්ෂා කිරීමට අධිකරණයෙන් ලබාගත් නොයෝගයක් මත අදාළ බහාලුම් පරීක්ෂා කිරීම ඊයේ (31) සිදු කරනු ලැබුවා.
එහිදී ඇඟ පිස්නා (තුවා) අඩංගු බහාලුමක් තුළ ඉතා සූක්ෂමව අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා රේගු නිලධාරීන්ට හැකියාව ලැබුණා.
මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බහාලුම සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී එය මෙරටට ගෙන්වන ලද දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක ව්‍යාපාරිකයෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙරට තුළ රැඳී සිටි පකිස්ථාන ජාතිකයින් තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අවුරුදු 33,36 හා 51 යන වයස්වල පසුවනන්.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













