කොළඹ වරායෙන් සොයාගත් අයිස් කන්ටේනරයට සම්බන්ධ පාකිස්ථානුවන් තිදෙනෙකුත් අල්ලයි

පාකිස්ථානයේ සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරාය වෙත රැගෙනවිත් බහාලුමක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ, අනුව මෙම සිද්ධියට ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැවත ප්‍රති අපනයනය කිරීම සඳහා වරාය අංගනයේ බහාලුමක් තුළ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත එම බහාලුම පරීක්ෂා කිරීමට අධිකරණයෙන් ලබාගත් නොයෝගයක් මත අදාළ බහාලුම් පරීක්ෂා කිරීම ඊයේ (31) සිදු කරනු ලැබුවා.

එහිදී ඇඟ පිස්නා (තුවා) අඩංගු බහාලුමක් තුළ ඉතා සූක්ෂමව අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා රේගු නිලධාරීන්ට හැකියාව ලැබුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බහාලුම සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී එය මෙරටට ගෙන්වන ලද දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක ව්‍යාපාරිකයෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙරට තුළ රැඳී සිටි පකිස්ථාන ජාතිකයින් තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අවුරුදු 33,36 හා 51 යන වයස්වල පසුවනන්.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29