ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෙනිසියුලාව සමඟ ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව නිවේදනය කර තිබෙනවා.
මෙහිදී වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක් පාලනය කිරීම සඳහා ඇමරිකාව, වෙනිසියුලාව සමඟ ගිවිසුමකට එළඹ ඇති බවයි ට්රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ.
මෙම ගනුදෙනුව පිළිබඳ නිවේදනය පැමිණෙන්නේ ට්රම්ප්ගේ මඟ පෙන්වීම යටතේ එක්සත් ජනපද හමුදාව වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමට සහ ඔහුව එක්සත් ජනපදයට ගෙන්වා ගැනීමට මෙහෙයුමක් දියත් කර මාස නවයකට ආසන්න කාලයකට පසුවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිකුරාදා පැවසුවේ තම පරිපාලනය වෙනිසියුලාව සමඟ පුළුල් ගිවිසුමකට එළඹ ඇති බවත්, එය සාක්ෂාත් වුවහොත්, දකුණු ඇමරිකානු රටේ භාවිතයට නොගත් තෙල් සංචිතවලින් විශාල ප්රමාණයකට එක්සත් ජනපදයට ප්රවේශය ලබාදිය හැකි බවයි.
මේ අතර වෙනිසියුලාවේ රොඩ්රිගුස්ගේ රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම ගනුදෙනුවට බැරල් බිලියන 65 ක ඔප්පු කළ විභවයක් සහිත ක්ෂේත්ර 17ක් සංවර්ධනය කිරීම ඇතුළත් බවයි.
මෙම ගිවිසුම මගින් වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයට ඩොලර් බිලියන 100ක ආයෝජනයක් ලබාගත හැකි බවත් කැරකස් සඳහා ඩොලර් බිලියන 209 කට වඩා බදු උපයා ගත හැකි බවත් පවසනවා.













