ඊයේ (06) දිනයේ උදෑසන මීගමුව බන්ධනාගාරය අභ්‍යන්තරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවේ දී එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්, මත්ද්‍රව්‍ය ආකාරයෙන් ඖෂධ භාවිතා කර සිට ඇති බවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවට,එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
පෙරේදා (05) දිනයේ දී බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවට බලෙන් ඇතුළු වූ එම රැඳවියන්, එහි තිබූ ඖෂධ ලබාගෙන එම ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
1
+1
+1
1













