අද උතුම් පොසොන් පොහොය දවසයි

ලක්දිව වැසියන් ශිෂ්ඨාචාරගත කරමින් සම්බුදු දහමේ මහිමය අපට ලැබුණු සුපින්වත් දිනය ලෙස පොසොන් පුරපසලොස්වක දිනය හැදින්විය හැකියි.

බුදු දහම ගෞතම මුනිඳුන්ගේ වදනින් ම අසා තිබූ අපේ ජනතාවට එහි ගැඹුරු අරුත සාර්ථකව වටහා ගැනීමට මග භෙළි වී තිබුනේ නැහැ.

යක්ෂයින්, නාගයින්, වෘක්ෂ, දෙවියන්, වන්දනා කරමින් අපේ මිනිසුන් බහුතරයක් විවිධ මිත්‍යා විශ්වාසයවල එළැඹගෙන සිටියේ ලෞකික සහ ලෝකෝත්තර සැපත වැරදි ලෙස දකිමින්.

එවන් ජාතියකට බුදු දහමේ සදාතනික උරුමය රැගෙන මිහිදු මා හිමියන් අද වන් දිනක ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණියා.

එදා සිට අපි බෞද්ධත්වය මත රට, ජාතිය, දේශය, ගුණාංග මෙන්ම ජීවිතය ද ගොඩනැගූ අය වෙමු.

දැන් ශ්‍රී ලංකාව ලොව නිර්මල සත්‍ය, පරමාදර්ශ්‍රී වූ බුදු දහමේ මුදුන්මල්කඩයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු දඹදිව තුන්වන ධර්ම සංගායනාව පැවැත්වුණා.

ඒ කාලිංග යුද්ධයෙන් කලකිරී බුදුසරණ ගිය ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන්.

ධර්මාශෝක දඹදිව රජ කරන කාලයේ අනුරපුර රාජධානියේ විසුවේ මුටසීව රජ පුත් දේවානම්පියතිස්සයි.

ඔවුන් දෙදෙනා කිසිදා නොදුටු මිතුරන් වුණා.

තුන්වන ධර්ම සංගායනාවෙන් පසු සිදුවූ ඉතාම වැදගත් ධර්ම ප්‍රචාරක කටයුත්ත නවරට සසුන් පිහිටුවීමයි.

ධර්මාශෝක ලොව වටිනාම වස්තුව වූ උත්තරීතර සම්බුදු දහම තම පුතු වූ මිහිඳු හිමියන් අත, මිතුරු දෙවනපෑතිස් වෙත තෑගි කර එව්වා.

ඒ පොසොන් පොහෝ දිනයි. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහ රහතුන් වහන්සේලාත්, සුමන සාමනේරයන් සහ භණ්ඩුක උපාසකත් උන්වහන්සේ සමග පැමිණි පිරිසට අයත්.

මිහින්තලා පව්වේදී චුල්ලහත්ථිපද්‍යෝපම සූත්‍රය ඇසූ රජු තිසරණ සහිත පංච සීලයේ පිහිටා බෞද්ධයෙකු වන්නේ අවිද්‍යාව නමැති මෝහාන්ධකාරය දුරුකරන සත්‍ය මඟට ලක්වැසියන් යොමුකරමින්.

මිනිසෙකුගේ උතුම් ලෞකික පරමාර්ථයන් ඉටුකර ගැනීමට හෝ සසරින් එතෙර වී නිවන් අවබෝධ කර ගැනීමට  අනුගමනය කළයුතු ක්‍රමවේදය පැහැදිලි කරන සුත්‍ර දේශනාවක් ලෙසයි චුල්ලහත්ථිපද්‍යෝපම සූත්‍ර දේශනාව හැඳින්විය හැක්කේ.  

ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි මිහිඳු හිමියන් සමචිත්ත පරියාය සූත්‍රය දෙවියන් උදෙසා දේශනා කර ඇත්තේ අද වන් දිනකයි.එසේම බන්ඩුක උපාසක මහන උප සම්පදාව ලැබීම මෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රථම වරට රුවන්ගෙයි වැඩ හිදිමින් සවනක් ඝණ බුදුරැස් විහිදවීම ද අදවන් දිනක සිදුවූ බව ශාසනික ඉතිහාසයේ සදහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42