පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා ලෙස මෙසීගේ නම රන් අකුරින් ලියවේ

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසීට අද හැකියාව ලැබුණා.

ලියොනල් මෙසීට මෙම ඉතිහාසගත වාර්තාව තම නම ඉදිරියේ ලියා ගත්තේ ඇමරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේ දී ඔස්ට්‍රියාව සමඟ පැවති තරගයේ දී ලබාගත් විශිෂ්ඨ ගෝල දෙකත් සමඟයි.

මෙම තරගයේ දී ගෝල දෙකක් වාර්තා වූ අතර, ආර්ජන්ටිනාව වාර්තා කළ එම ගෝල දෙකේම හිමිකරුවා බවට පත් වුණේ ලියොනල් මෙසීයි.

මෙසී මේ වනවිට පාපන්දු ලෝක කුසලාන හයකට සහභාගී වී ගෝල 17ක් වාර්තා කර සිටිනවා.

මීට පෙර ජර්මනියේ හිටපු සුපිරි ක්‍රීඩක මිරොස්ලාව් ක්ලෝස් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියන්ගේ
ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියේ ගෝල 16ක් වාර්තා කරමින්.

ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී මෙම සුවිශේෂී වාර්තාව අතරට පිවිසීමට හැකියාව ලැබුණේ තම 39 වන උපන්දිනයට දිනකට පෙර වීම ද විශේෂතත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40