ඩෙංගු වසංගත තත්ත්වයක් නෑ – පාලනය කරගත හැකි මට්ටමේ පවතිනවා – සුව ඇමති නලින්ද

මේ වනවිට රට තුළ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමේ පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වෙනත් වසරවලට වඩා මෙම වසරේ ජුනි මාසයේ ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 44,480ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඩෙංගු ආශ්‍රිත මරණ 28 ක් මේ දක්වා වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේ.

මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මදුරු මර්දන වැඩසටහන යටතේ අද (20) දිනය තුළත් ක්‍රියාත්මක කෙරෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ පාසල්, රජයේ ආයතන, කර්මාන්තශාලා සහ ආගමික ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ මෙම තොරතුරු කීට විද්‍යාත්මක සමීක්ෂණ මගින් අනාවරණය වූ බවයි.

උණ රෝගයෙන් පෙළෙන දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ද වෛද්‍යවරිය දෙමාපියන්ට උපදෙස් දෙනවා.

මීට අමතරව, පාසල්වල ඩෙංගු පැතිරීම පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දේශීය පාරම්පරික වෙදකම අනතුරේ..වෙදදුරන්ගෙන් චෝදනා - මේ වගේ අ#න වැඩ කරන්න එපා ඔයාලා
10:57
Video thumbnail
Kasthirama | "ඩෙංගු අධි වසංගත තත්ත්වයක් " යන තේමාව යටතේ පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:06:21
Video thumbnail
විභාග වංචා නිසා සම්පූර්ණයෙන් විභාගය අත්හිටවූ සංඛ්‍යාව 314ක් - ප්‍රතිඵල දෙන්න ප්‍රමාදයක් වුණේ නෑ
03:20
Video thumbnail
උසස් පෙළට සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 225,748ක් - සියලුම විෂයන් අසමත්වූ දරුවන් 7419
10:16
Video thumbnail
තණමල්විල සභාවේ උණුසුම් තත්ත්වයක්..
01:07
Video thumbnail
තණමල්විල සභාවේ උණුසුම් තත්ත්වයක්..නව ලේකම්තුමියට දැඩි විරෝධයක් - "බ# වැඩ කරන්න එපා"
08:16
Video thumbnail
ශික්ෂණය තියෙන සංඝයාගේ නායකත්වය අද මේ රටට අවශ්‍යයි - භික්ෂූන්වහන්සේලා ගැන කිව්ව සැර කතාව
06:05
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ලයට රන් පදක්කම
00:44
Video thumbnail
දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දී රුමේෂ්ගේ හෙල්ලයට රන් පදක්කම
01:16
Video thumbnail
ඉන්ධන මිල අඩු කිරීම ගැන නලින්ද කියයි - අපි සමස්ථ බර ජනතාවට පැටෙව්වේ නෑනේ
00:55