ජුනි හා ජූලි රටට වෙන දේ ගැන රනිල්ගේ අනාවැකිය

ළඟදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්න පිළිබඳව සිය මතය ජනතාවට දැනුම් දීම සඳහා වීඩියෝ පට නිකුත් කිරිමේ වැඩ පිළිවෙලක නිරතවයි ඉන්නේ.

ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වය කඩා වැටී තිබීම හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුවන තත්ත්වය සම්බන්ධයෙන් තවත් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් – 19 වසංගතය ඉතා වේගයෙන් පැතිරෙන බව හෙළි කරන වික්‍රමසිංහ මහතා ඊට මුහුණදීම සඳහා කිසිදු සූදානමක් නොමැති බවයි පෙන්වා දෙන්නේ.

වසංගතයට මුහුණ දෙන්න පහසුකම් නැහැ 

එන්නත් හිඟය , ඔක්සිජන් හිඟය , වෙන්ටිලේටර් හිඟය , රෝහල් වල ඇඳන් හිඟය මෙන්ම රෝහල් රෝගීන්ගෙන් පිරී යාම කොවිඩ් – 19  රෝගය නිසා උත්සන්න වන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

එනිසා දැන් සිටින්නේ තීරණාත්මක අවස්ථාවක බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා වෛද්‍ය උපදෙස් සහ සෞඛ්‍ය උපදෙස් අනුව තීරණය නොගන්නේනම් රටේ ජනතාව තවත් අමාරුවේ වැටෙන බවට අනතුරු අඟවනවා.

ඉදිරියේ මැරෙන ගාන ඉහළ යනවා

ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ කොවිඩ් – 19 ගැන කළ සමීක්ෂණයන්ට අනුව දවසකට 100කට වඩා පිරිසක් යන තත්ත්වයක් මේ මාසයේ සහ ලබන මාසයේ ඇතිවිය හැකි බවයි වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ.

එනිසා මේ ව්‍යසනය ආන්ඩුවේ නම බේරා ගැනීමේ සටනක් හෝ දේශපාලන සටනක් නොවන ජනතාවගේ ජීවිත බේරාගන්නා සටනක් බවයි එ.ජා.ප පෙන්වා දෙන්නේ.

කොවිඩ් මර්දන කොමිටි සියල්ලම අසාර්ථකයි

කොවිඩ් – 19 මර්දන කොමිටි සියල්ලම අසාර්ථක වී ඇති බැවින් ව්‍යවස්ථාවෙන් බලය හිමිව තිබෙන ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙහි වගකීම ගත යුතු බව අවධාරණය කරන එ.ජා.ප නායකයා මේවා කලින් කිව්වට කවුරුත් ගණන් ගත්තේ නැති බවද පෙන්වා දෙනවා.

එනිසා මේ වගකීම ජනපති හා කැබිනට් මණ්ඩලය අරගෙන වහාම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සමඟත් කතා කොට ඒ අයගේ සහයෝගයක් ගන්න දැන්මම කටයුතු කළ යුතු බවයි වික්‍රමසිංහ මහතාගේ අදහස වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
67
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?