ජුනි හා ජූලි රටට වෙන දේ ගැන රනිල්ගේ අනාවැකිය

ළඟදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්න පිළිබඳව සිය මතය ජනතාවට දැනුම් දීම සඳහා වීඩියෝ පට නිකුත් කිරිමේ වැඩ පිළිවෙලක නිරතවයි ඉන්නේ.

ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වය කඩා වැටී තිබීම හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුවන තත්ත්වය සම්බන්ධයෙන් තවත් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් – 19 වසංගතය ඉතා වේගයෙන් පැතිරෙන බව හෙළි කරන වික්‍රමසිංහ මහතා ඊට මුහුණදීම සඳහා කිසිදු සූදානමක් නොමැති බවයි පෙන්වා දෙන්නේ.

වසංගතයට මුහුණ දෙන්න පහසුකම් නැහැ 

එන්නත් හිඟය , ඔක්සිජන් හිඟය , වෙන්ටිලේටර් හිඟය , රෝහල් වල ඇඳන් හිඟය මෙන්ම රෝහල් රෝගීන්ගෙන් පිරී යාම කොවිඩ් – 19  රෝගය නිසා උත්සන්න වන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

එනිසා දැන් සිටින්නේ තීරණාත්මක අවස්ථාවක බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා වෛද්‍ය උපදෙස් සහ සෞඛ්‍ය උපදෙස් අනුව තීරණය නොගන්නේනම් රටේ ජනතාව තවත් අමාරුවේ වැටෙන බවට අනතුරු අඟවනවා.

ඉදිරියේ මැරෙන ගාන ඉහළ යනවා

ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ කොවිඩ් – 19 ගැන කළ සමීක්ෂණයන්ට අනුව දවසකට 100කට වඩා පිරිසක් යන තත්ත්වයක් මේ මාසයේ සහ ලබන මාසයේ ඇතිවිය හැකි බවයි වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ.

එනිසා මේ ව්‍යසනය ආන්ඩුවේ නම බේරා ගැනීමේ සටනක් හෝ දේශපාලන සටනක් නොවන ජනතාවගේ ජීවිත බේරාගන්නා සටනක් බවයි එ.ජා.ප පෙන්වා දෙන්නේ.

කොවිඩ් මර්දන කොමිටි සියල්ලම අසාර්ථකයි

කොවිඩ් – 19 මර්දන කොමිටි සියල්ලම අසාර්ථක වී ඇති බැවින් ව්‍යවස්ථාවෙන් බලය හිමිව තිබෙන ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙහි වගකීම ගත යුතු බව අවධාරණය කරන එ.ජා.ප නායකයා මේවා කලින් කිව්වට කවුරුත් ගණන් ගත්තේ නැති බවද පෙන්වා දෙනවා.

එනිසා මේ වගකීම ජනපති හා කැබිනට් මණ්ඩලය අරගෙන වහාම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සමඟත් කතා කොට ඒ අයගේ සහයෝගයක් ගන්න දැන්මම කටයුතු කළ යුතු බවයි වික්‍රමසිංහ මහතාගේ අදහස වන්නේ

  1. ජූනි සහ ජූලි රටට වෙනදේ කියන්න පුලුවන් රනිල් , අර පාස්කු ප්‍රහාරය කරන තුරු දෙන සිටියේ නැහෙ . තමාගෙ සුච්ච කීකරු සාමාජිකයන් . සජිත් එක්ක කඩන් යන තුරු දෙන සිටියෙ නැහෙ , ඉතින් කොහොමද අපි මේ යකාව විස්වාස කරන්නෙ; ලමයෙක් හදා ගන්න බැරි එකා . රටක් හදන්නෙ කොහොමද ?

  2. රනිල් මහත්තයා හොර ගල් අහුල අහුල ඉන්නෙ නැතුව කෙලින්ම පාර්ලිමේන්තුවට ගිහිල්ල කියන දෙයක් කිව්වා නම් හොඳයිනෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32