AFC Banner
Empty Ad
Empty Ad

ඔබේ දරුවාටත් මේ රෝග ලක්ෂණ තිබෙනවාද? මාරාන්තික විය හැකියි

දරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවිය යුතු යැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකේම පොදු ලක්ෂණය වන්නේ උණ වැළඳීම වන අතර වයිරස් උණ රෝගය නිසාද උණ ගතියක් ඇති වියට හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. 

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් වයිරස් උණ රෝගයක් දරුවන්ට වැළඳීමට ඉඩ ඇති අතර ඊට අමතරව ඩෙංගු උණ රෝගය වැළඳිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

මාරාන්තික විය හැකියි

ඩෙංගු රෝගය මාරාන්තික බැවින් ඩෙංගු වැළදුන හොත් ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු කම්පන තත්වයන්ට දරුවෙකු භාජනය විය හැකි බවත් එම තත්වයන්ට යනතුරු නිවසේ රැදී සිටියහොත් එය මාරාන්තික විය හැකි බවයි හෙතෙම සඳහන් කළේ.

ඒ අනුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකොට රුධිර පට්ටිකා හෝ සුදු රුධිරානු හෝ අඩුවී තිබෙනවානම් වෛරස් උණක් විය හැකි බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

මේවන විට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මැස්සන්ගේ බෝවිම නිසා ආහාර මාර්ගයේ රෝගී තත්වයන්ට මුහුණ දිය හැකි පාචනය, අතීසාරය වැනි රෝගත් වැළදීමේ ඉඩ කඩක් තිබෙන බවද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?