මෙම වසරේ ශ්‍රී ලංකා රේගුව සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 2,206ක අදායම් ඉලක්කය සපුරාගැනීමේ හැකියාවක් පැහැදිලිවම පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා.
රජය විසින් මෙම වසරේ ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී ඇති අදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 1,809.8ක ආදායමක් උපයාගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
අද (26) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.
මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම මාසයේ මුල සිට වාහන ආනයනය මඟින් ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි.
උදාහරණයක් ලෙස ඊයේ (26) දිනයේ රේගු ආදායම රුපියල් බිලියන 15යි දශම 08ක් ලෙස සටහන් වූ බවත්, ඉන් වාහන ආනයන තුළින් ලැබූ රේගු ආදායම රුපියල් බිලියනයටත් වඩා අඩු බවත් ඔහු මෙහිදී පවසා සිටියා.
එමෙන්ම වාහන ආනයන සඳහා පැනවූ අධිභාරයේ තවත් මාස තුනක් දීර්ඝ කිරීමට රජය ගත් තීරණයත් සමඟ වාහන ආනයන සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවත්, මෙම වසරේ මුල් තිබූ මට්ටමට යළිත් වාහන ආනයනට පැමිණෙනු ඇතියි අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.
ඒ, අනුව වාහන ආනයන මඟින් ලැබෙන රේගු ආදායම යම් පහළ යෑමක් ඉදිරියේ දී අපේක්ෂා කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.













