අත්අඩංගුවේ පසුවන තම පියා හට පොලිස් නිලධාරීන් පහර දී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරීව හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මෙම සිද්ධියට අදාළව, සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ ගාල්ල දිස්ත්‍රික් (II) පොලිස් අධිකාරීවරයා යටතේ සිදුකරණ විමර්ශනවලට අදාළව මෙම ස්ථානමාරු කිරීමට සිදුකර තිබෙනවා.













