එළඹෙන ලෝක කුසලානයෙන් බංගලාදේශය ඉවත් කිරීම අසාධාරණය බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති, මොහ්සින් නක්වි පවසනවා.
බංගලාදේශය මෙම ලෝක කුසලානය ක්‍රීඩා කළ යුතුයි යන ස්ථාවරයේ පාකිස්ථානය සිටින බවත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන කොටස්කරුවෙක් බවත් පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
”ආකාර දෙකක සැලකිලි තිබිය නොහැක. එක් රටක් සඳහා ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවත් අනෙක් රටවල් සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දේ කළ යුතු බවත් ඔබට පවසන්න බැහැ. ඒ නිසා අපි මෙම ස්ථාවරය ගෙන ඇති අතර බංග්ලාදේශය ඔවුන්ට අසාධාරණයක් සිදුවී ඇති බව පැහැදිලි කර තියෙනවා. ඔවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කළ යුතුය.ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන කොටස්කරුවෙක්.” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.



