තත්පර දෙකකින් පැයට කිලෝමීටර 700ක වේගයකින් ගමන් ගත් චීන දුම්රියක් ලෝක වාර්තාවක් තබයි

චීනය තමා සතු වේගවත්ම දුම්රියක් වන මැග්ලෙව් දුමිරිය යොදාගෙන නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

තත්පර දෙකකින් පැයට කිලෝමීටර 700 ක වේගයක් ලබා ගෙන දුම්රිය ධාවනය කරමින් චීනය විසින් මෙම නව වාර්තාව පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් සිදුකළ පරීක්ෂණයක් මඟින් මෙම වාර්තාව ඔවුන් පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම පරීක්ෂණය මීටර් 400ක මැග්ලෙව් ධාවන පථයක සිදු කර තිබෙන අතර, එය තත්පර දෙකකින් පැයට කිලෝමීටර 700ක වේගයට ළඟා වූ අතර, එය මෙතෙක් ධාවනය කළ වේගවත්ම සන්නායක විද්‍යුත් මැග්ලෙව් දුම්රිය බවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?