අවසන් 20-20 තරගයේ කාසියේ වාසිය අසලංකට – ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් දෙකක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තුන්වන සහ අවසන් 20-20 තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමටයි ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ.

අද තරගය සඳහා මතිෂ පතිරණ සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර, ඒ දෙවන තරගය සඳහා ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ සහ නුවනිඳු ප්‍රනාන්දු වෙනුවටයි.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙපිළම එක් තරගය බැඟින් ජයගෙන මේ වනවිට සමතත්ත්වයේ පසුවනවා.

ඒ, අනුව අද තරගය ජයගන්නා කණ්ඩායමට ශූරතාව දිනාගැනීමට හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?