රජයේ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) පස්වරු 1.00ට විභාගයට ගැනීමට නියමිතයි.
මෙම නඩුව විභාගයට ගනු ලබන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ දීයි.
නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර, ඒ අනුව අධිකරණය භූමියට ඇතුළුවන සියලුදෙනා දැඩි පරීක්ෂාවකට ලක්කරන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අධිකරණ භුමිය පිහිටි ප්‍රදේශයේ මාර්ග රැසක රථ වාහන ගමනා ගමනය ද සීමාකර තිබෙනවා.
මේ අතර මේ වන විටත් දේශපාලඥයින් ඇතුළු විවිධ පිරිස් අධිකරණයට පැමිණෙමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය පලකරන පිරිස් මේ වනවිටත් අධිකරණයට ප්‍රවේශවන මාර්ගවල රැඳී සිටින අතර, ඔවුන් විරෝධතාවල නිරතවන බවයි ‘දසත නිවුස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.















