මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීමේ අයදුම්පත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී කැඳවයි

මේ වනවිට සිර දඬුවම් නියමකර සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ගොනුකර ඇති ඇප ඉල්ලීමේ අයදුම්පත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (25) කැඳවනු ලැබුවා.

අදාළ ඇප ඉල්ලීමේ අයදුම්පත් කැඳවූ අවස්ථාවේ දී එම ඇප ඉල්ලීමේ අයදුම්පත් වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට සති තුනක කාලයක් අවශ්‍ය බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ, අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විරෝධතා සඳහා එම නඩුව ලබන 09 වන මස 23 වන දින කැඳවීමටයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කළේ.

මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සහ නලින් ප්‍රනාන්දු සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයන කර ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් එක්කෝටි තිස්එක් ලක්ෂ දහතුන්දහස් නවසීය හැත්තෑ නවයයි ශත දහයක පාඩුවක් කළ බවට ගොනුකර තිබූ නඩුවක් විභාගය ගැනීමෙන් අනතුරුව, මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක සහ නලින් ප්‍රනාන්දුට වසර 25ක සිරදඬුවම් ද පසුගිය මැයි මස 29 වනදා අධිකරණය නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
15
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?