ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කරගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බවුසර් රථ හිමියන්ගේ සංගමය අතර මෙම සාකච්ඡාව පැවති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ.
එහිදී ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩුකර ගැනීම වෙනුවෙන් බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා.
ඒ, වෙනුවෙන් බවුසර් රථ හිමියන්ට අවශ්‍ය සහායක් ඇත්නම් ඛනිජ තෙල් තොග පර්යන්තය මඟින් ලබාදීමට එහිදී තීරණය කළ බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.
එමෙන්ම ඒ සඳහා බවුසර් රථ හිමියන්ට යෝජනා ඇත්නම් එම යෝජනා ලබන 28 වනදාට පෙර තෙල් සංස්ථාව වෙත ලබාදෙන ලෙසට ද දැනුම් දී තිබෙනවා.
මෙලෙස ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කරගැනීමට සමත් වුවහොත් එහි වාසිය පාරිභෝගිකයා වෙත ක්‍රමනුකූලව ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් සඳහන් කළා.















