ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කරගැනීම ගැන විශේෂ අවදානයක් – වාසිය පාරිභෝගිකයාට

ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කරගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බවුසර් රථ හිමියන්ගේ සංගමය අතර මෙම සාකච්ඡාව පැවති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ.

එහිදී ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩුකර ගැනීම වෙනුවෙන් බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා.

ඒ, වෙනුවෙන් බවුසර් රථ හිමියන්ට අවශ්‍ය සහායක් ඇත්නම් ඛනිජ තෙල් තොග පර්යන්තය මඟින් ලබාදීමට එහිදී තීරණය කළ බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.

එමෙන්ම ඒ සඳහා බවුසර් රථ හිමියන්ට යෝජනා ඇත්නම් එම යෝජනා ලබන 28 වනදාට පෙර තෙල් සංස්ථාව වෙත ලබාදෙන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

මෙලෙස ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කරගැනීමට සමත් වුවහොත් එහි වාසිය පාරිභෝගිකයා වෙත ක්‍රමනුකූලව ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18