ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (02) රාත්‍රියේ ඝානාවේ ඇක්‍රා හි ජුබිලි මන්දිරයේදී එරට ජනාධිපති ජෝන් මහාමා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වූවා.
නායකයින් දෙදෙනාම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට විවිධ ක්‍රම සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය තහවුරු කරන්නේ.
සංස්කෘතික හුවමාරුව සහ සාම්ප්‍රදායික සංගීතය ඇතුළු සාකච්ඡාවලින් පසුව අවබෝධතා ගිවිසුම් හතරක් මෙහිදී අත්සන් තැබුවා.
සාකච්ඡාවලින් පසු සිය ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයේ දී, ඉන්දීය-ඝානා හවුල්කාරිත්වයට විස්තීර්ණ හවුල්කාරිත්වයක ස්වරූපය ලබා දීමට තීරණය කර ඇති බව අගමැති මෝදි නිවේදනය කළා.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ බලගතු ගෝලීය නායකත්වය අගයමින් ඝානාවේ ඉහළම රාජ්‍ය ගෞරවය ද පිරිනමනු ලැබුවා.
අගමැති මෝදි ඊයේ ඝානාවේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඇක්‍රා වෙත පැමිණියා.
ගුවන් තොටුපළේදී ගෞරවනීය හමුදා උත්තමාචාර සහ වෙඩි මුර 21 ක ආචාරයක් සහිතව මහත් හරසරින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවා.





