ඉන්දීය අගමැතිට ඝානා රාජ්‍යයේ ඉහළම හරසර

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (02) රාත්‍රියේ ඝානාවේ ඇක්‍රා හි ජුබිලි මන්දිරයේදී එරට ජනාධිපති ජෝන් මහාමා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වූවා.

නායකයින් දෙදෙනාම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට විවිධ ක්‍රම සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය තහවුරු කරන්නේ.

සංස්කෘතික හුවමාරුව සහ සාම්ප්‍රදායික සංගීතය ඇතුළු සාකච්ඡාවලින් පසුව අවබෝධතා ගිවිසුම් හතරක් මෙහිදී අත්සන් තැබුවා.

සාකච්ඡාවලින් පසු සිය ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයේ දී, ඉන්දීය-ඝානා හවුල්කාරිත්වයට විස්තීර්ණ හවුල්කාරිත්වයක ස්වරූපය ලබා දීමට තීරණය කර ඇති බව අගමැති මෝදි නිවේදනය කළා.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ බලගතු ගෝලීය නායකත්වය අගයමින් ඝානාවේ ඉහළම රාජ්‍ය ගෞරවය ද පිරිනමනු ලැබුවා.

අගමැති මෝදි ඊයේ ඝානාවේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඇක්‍රා වෙත පැමිණියා.

ගුවන් තොටුපළේදී ගෞරවනීය හමුදා උත්තමාචාර සහ වෙඩි මුර 21 ක ආචාරයක් සහිතව මහත් හරසරින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32