නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද සෞඛ්‍ය උපාංග ගබඩා කර තබා ගත් බව කියන බම්බලපිටියේ සමාගමකට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ නඩු පවරා තිබෙනවා.
නීතිවිරෝධී ලෙස ගෙන්වු සෞඛ්‍ය උපාංග ගබඩා කර තබා ගැනීමේ සිද්ධියට අදාළව එම පෞද්ගලික සමාගමෙහි හිමිකරුට සැප්තැම්බර් මස 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදි නියෝග කළා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් සිද්ධියට අදාළව කරන ලද කරුණු වාර්තාවකින් අනතුරුව මෙලෙස නියෝග කෙරුණේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක ආර්. ජී .එන් වික්‍රමසිංහ මහතා මෙම පැමිණිල්ල ගොනු කළ අතර නඩුවේ වග උත්තරකරු ලෙස ෆාම් ඒඩ් සමාගමේ හිමිකරු මොහොමඩ් රම්සි නම්කර තිබෙනවා.















