බම්බලපිටියේ සමාගමකට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නඩු

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද සෞඛ්‍ය උපාංග ගබඩා කර තබා ගත් බව කියන බම්බලපිටියේ සමාගමකට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ නඩු පවරා තිබෙනවා.

නීතිවිරෝධී ලෙස ගෙන්වු සෞඛ්‍ය උපාංග ගබඩා කර තබා ගැනීමේ සිද්ධියට අදාළව එම පෞද්ගලික සමාගමෙහි හිමිකරුට සැප්තැම්බර් මස 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදි නියෝග කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් සිද්ධියට අදාළව කරන ලද කරුණු වාර්තාවකින් අනතුරුව මෙලෙස නියෝග කෙරුණේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක ආර්. ජී .එන් වික්‍රමසිංහ මහතා මෙම පැමිණිල්ල ගොනු කළ අතර නඩුවේ වග උත්තරකරු ලෙස ෆාම් ඒඩ් සමාගමේ හිමිකරු මොහොමඩ් රම්සි නම්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30